ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අලෙවි කළ වෙළෙඳසැලකට ලක්ෂ 04ක දඩ

0
ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අලෙවි කළ වෙළෙඳසැලකට ලක්ෂ 04ක දඩයක්

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අලෙවි කළ වෙළෙඳසැලකට ලක්ෂ 04ක දඩයක්

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය 2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් සාම්පල ලබා ගෙන පරීක්ෂා කර තිබුණි.

එහිදී එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වීමත් සමග එම දුඹුරු සීනි විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ පසුගිය 2023 වසරේදී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ඊයේ (19) දින එම වැරදි සඳහා වරද පිළිගත් අදාළ ආයතනයට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර ඇත.

තවද කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිකළ දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල් ශාඛා 3කටද පසුගිය 18 වැනි දින රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කිරීමට කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුපිරි වෙළෙඳසැල් 187කට වැඩි ප්‍රමාණයක වැටලීම් සිදුකළ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com