දළදා පෙරහැරට දින නියම වේ

0
දළදා පෙරහැරට දින නියම වේ

දළදා පෙරහැරට දින නියම වේ

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි.

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසීය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වැනිදා වීදී සංචාරය කෙරේ.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා පැවසීය.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සඳහන් කළේ, හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බවයි.

මීට වසර කිහිපයකට පෙර 200ක්ව සිටි මෙරට හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව මේ වනවිට 90ක් දක්වා පහත වැටී ඇති බවද අනාවරණය කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com