කිසි විටෙකත් යටත් වන්නේ නෑ – ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රතිචාරයක්

කිසි විටෙකත් යටත් නොවන්නේ නෑ - ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රතිචාරයක්
ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ‘තම රට කිසිවිටකත් යටත් නොවන බව’ පවසා තිබේ.
එරට රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ටද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි ඇතැයි ඇමෙරිකානුවන් දැනගත යුතු බවයි.
“ඇමරිකා එක්සත් ජනපදය සිදු කරන ඕනෑම ප්‍රහාරයක්, බරපතල සහ නොපිරිය හැකි ප්‍රතිවිපාකයන්ට හේතු වනු ඇත. සියෝනවාදී රජය දැඩි වැරැද්දක් සිදු කර ඇත. එයට යුක්ති සහගත දඬුවමක් ලැබෙනු ඇත. ඉරාන ජාතියට එල්ලවන යුද්ධයක් වැනි බලපෑම් අප ජාතියේ ධෛර්යයෙන් නිෂේධන කිරීමට අපිට හැකියාව තිබෙනවා. එසේම බලෙන් යෝජනා කරන සාමයද අප ප්‍රතික්ෂේප කරනවා. අප වැනි ජාතියක් කිසිඳු පීඩනයකට යටත් නොවේ. ඉරාන ජාතිකයින්ට බිය දැක්වීමේ භාෂාවෙන් කථා කළ නොහැකි බව බුද්ධිමත් පුද්ගලයින්ට වටහා ගත යුතුය. ඉරානයේ ඉතිහාසය සහ ජනතාව පිළිබඳව දැන සිටින අය, බිය සහ තර්ජන භාෂාවෙන් කථා කිරීමේ අවදානම වටහා ගනීවි. අපේ ජනතාව බලයෙන් කිසිඳු පාර්ශවයකින් පනවන ලද නියෝග වලට යටත්වන්නේ නැහැ. ඇමරිකානු බලධාරීන්ට වැටහිය යුතුය – ඔවුන් සිදු කරන ඕනෑම හමුදා ප්‍රවේශයක්, අවසන් නොවන හානියක් උදාවීම සඳහා හේතු වනු ඇති බව. ඔවුන් දැන ගත යුතුය – ඉරානය කිසිදා යටත් නොවෙන බව සහ ඕනිම ඇමරිකානු ප්‍රහාරයක් බරපතල ප්‍රතිවිපාක ඔවුන්ට ගෙන ඒම වෙනස් කල නොහැකි බව. යුද්ධයට පිළිතුර යුද්ධයයි, බෝම්බ ප්‍රහාරයට පිළිතුර බෝම්බයයි, ප්‍රහාරයට පිළිතුර ප්‍රහාරයයි.”
මේ අතර ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනධිපති පවසා සිටියේ, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට මේ වනවිට කටයුතු නොකරන බවයි.