ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා යන මාර්ගයක් තාවකාලිකව වැසේ

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා යන මාර්ගයක් තාවකාලිකව වසා දමයි
ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙනුයි මෙම මාර්ගය වසා තිබෙන්නේ.
මේ අනුව අද දින (14) සිට ජුනි මස 24වනදා දක්වා දින 10ක් එම මාර්ගය වසා තිබෙනුඅ ඇත.
කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටියි.
අදාළ මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් නව පාලමක් ඉදිකිරීමටයි සිදුව ඇත්තේ.
වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින මෙම පාලම කඩාවැටීමට ආසන්න බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.