විදුලි වැට නඩත්තු බහුකාර්ය සංවර්ධන වනජිවි සහකාරවරුන්ට ස්ථිර පත්වීම්

විදුලි වැට නඩත්තු බහුකාර්ය සංවර්ධන වනජිවි සහකාරවරුන්ට ස්ථිර පත්වීම්
වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද (13) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් 100,000ක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බඳවා ගත් පිරිසෙන් මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් 3451ක පිරිසකට මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයින් ලෙස ස්ථිර පත්වීම් හිමි විය.
වසර ගණනාවක් පුරා ස්ථිර පත්වීම් නොලැබී තිබු මෙම සේවකයින්ගේ ගැටලුවට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරව නිසි අධීක්ෂණයක් සහ කඩිනම් වැඩපිළිවෙලක් යටතේ විසදුම් ලබාදීමට සමත් වී තිබේ.
සංකේතාත්මකව ස්ථිර පත්වීම් ලාභින් 50 දෙනෙකුට පරිසර අමාත්‍යවරයා අතින් අද පත්වීම් ලබා දුන් අතර උත්සව සභාව අමතමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේ ” වර්තමාන රජය යටතේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලබාදුන් පළමු අවස්ථාව මෙය වන බවත් ජාතික ගැටලුවක් බවට පත්ව තිබෙන අලිමිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා පත්වීම් ලැබූවන්ගෙන් ඉහළ දායකත්වයක් අවශ්‍ය බවයි”
අලි මිනිස් ගැටුම කළමනාකරණය වෙනුවෙන් වර්තමාන රජය සුවිශේෂී දායකත්වයක් සහ මැදිහත්වීමක් සිදු කරන අතර මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර තිබෙන බවත් එය කිලෝමීටර් 5644ක් පුරා විහිදී පවතින අතර විදුලි වැට බලගැන්වීමේ කුටි 647ක් ක්‍රීයාත්මක බවත් පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.