2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි ගෙවා අවසන්

0
2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි ගෙවා අවසන්

පසුගිය 2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි මේ මොහොත වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒම මණ්ඩලය සඳහන් කරන්නේ 2024/ 2025 මහ කන්නයට අදාළ අභියාචනා වශයෙන් ලද රක්ෂණ වන්දි සුලු ප්‍රමාණයක් ඉතිරිව තිබෙන අතර එම වගා වන්දි මුදල්ද ජුනි 30 ගෙවීමට කටයුතු යොදා ඇති බවයි.

එයට අමතරව 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් ගංවතුර, නියඟ, වන අලි හානියන්ට ලක් වූ වගාවන් පවතී නම් එම වගාවන්ටද මෙම මාසය නිමා වීමට පෙර සියලුම වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී වී, බඩ ඉරිඟු,ලොකු ලූණු, අර්තාපල්, සෝයා, මිරිස්, යන වගාවන් සඳහා රක්ෂණය වී නොමැති වූවද, අක්කර 05ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙනු ඇති.

එහිදී හෙක්ටයාරයකට රු.100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදුවේ. 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිදු වූ වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා ගොවීන් 53511 දෙනෙකුට අක්කර 61071ක් සඳහා රු.මිලියන 951ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් ගෙවා අවසන් කර ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com