ශ්‍රීපාද වන්දනා සමයේ පුද බිමට කසළ ටොන් 241ක්

0
ශ්‍රීපාද වන්දනා සමයේ පුද බිමට කසළ ටොන් 241ක්

ශ්‍රීපාද වන්දනා සමයේ පුද බිමට කසළ ටොන් 241ක්

අවසන් වූ ශ්‍රීපාද වන්දනා (2024/2025) සමයේදී නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණි දේශිය වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතයට හා පුදබිම තුළ කසල ටොන් 241ක් පමණ බැහැර කර තිබූ බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා පැවසීය.

2024 වසරේ දෙසැම්බර් සිට 2025 මැයි මස දක්වා මාස 06ක කාලයක් මෙවර ශ්‍රීපාද වන්දනා සමය පැවතී අතර එම කාල සීමාව තුළ දිරන කසළ ටොන් 178ක් හා නොදිරන කසළ ටොන් 63ක් පමණ දේශිය වන්දනාකරුවන් විසින් බැහැර කර ඇති බවත් එයට ප්ලාස්ටික් ජල හා බීම බෝතල් ටොන් 03ක්ද අයත් වන බව රාජවිරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ වන්දනාකරුවන් විසින් පරිසරයට කසළ මුදා හැරීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත්, දේශිය වන්දනාකරුවන් කොතෙක් දැනුම්වත් කළද ඇතැම් පිරිස් පරිසර හිතකාමී ආකාරයෙන් ශ්‍රීපාද වන්දනාව සිදු නොකිරීම මෙයට හේතුව බවද සඳහන් වේ.

මෙම කසළ තොගය මස්කෙළිය ප්‍රාදේශිය සභාවට අයත් රිකාටන් ප්‍රදේශයේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් නොදිරන කසළ වලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com