ජනපති සමාව සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

0
ජනපති සමාව සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ජනපති සමාව සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අනුරාධපුර බන්ධනාගාරයෙන් ජනාධිපති සමාවක් මුවාවෙන් නිදහස් කළ බවට වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තිය මඟින් වරදකරුවන් වූ පුද්ගලයින්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය ඇති නමුත්, එය විනිවිද පෙනෙන, ක්‍රියා පටිපාටිමය වශයෙන් යහපත් සහ අධිකරණ පූර්වාදර්ශයට අනුකූල වන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බවද එහි දක්වා තිබෙනවා.

එමෙන්ම, වරදකරු වූ සිරකරු නිදහස් කිරීම සම්බන්ධ සිද්ධිය, ආයතනික අක්‍රමිකතා, පරිපාලන අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සහ බන්ධනාගාර බලධාරීන්ගේ අභ්‍යන්තර පාලන පද්ධතිවල උල්ලංඝනයන් පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර තිබෙන බවත්, ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් එවැනි සමාවක් අතිගරු ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් ලබා දී නොමැති බවත් ඔවුන් දක්වා ඇති ලිපියෙහි සඳහන් වේ.

නීතියේ ආධිපත්‍යය ව්‍යතිරේකයකින් තොරව පැවතිය යුතු අතර, විශේෂයෙන් වින්දිතයින්ගේ අයිතිවාසිකම් සහ අධිකරණ තීරණ නොසලකා හරින ආකාරයෙන් සිරකරුවන් අත්තනෝමතික හෝ නීති විරෝධී ලෙස නිදහස් කිරීම සඳහා කිසිදු ඉඩක් නොතිබිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපති වෙත ඉදිරිපත් කර ඇති එම නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එම ලිපියෙන් දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com