හිටපු ඇමති කෙහෙළියගේ නිවසක සේවය කළ සේවිකාවක් අත්අඩංගුවට
රට රැකියා දෙන බව කියා ලක්ෂ 50ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද දින (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ඳව මේ වන විට කොමිශන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිංහ පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.





