ආහාර ලබා ගැනිමට ගිය පලස්තීනුවන්ට ඊශ්‍රායල් හමහමුදාවෙන් වෙඩි

0
ආහාර ඉල්ලා ගන්න ගිය පලස්තීනුවන්ට ඊශ්‍රායල් හමුදාව වෙඩි තියයි

ආහාර ඉල්ලා ගන්න ගිය පලස්තීනුවන්ට ඊශ්‍රායල් හමුදාව වෙඩි තියයි

දකුණු ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයක් වෙත යමින් සිටි පලස්තීන ජාතිකයින් පිරිසක් වෙත ඊශ්‍රායල් හමුදා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ

ප්‍රහාරයෙන් පලස්තීනුවන් සිව් දෙනෙකු ඝාතනය පත්වි තවත් පිරිසක් තුවාල ලබා ඇති බව පලස්තීන වෛද්‍යවරුන් සදහන් කර ඇත.

ඊශ්‍රායල් හමුදාව සඳහන් කළේ වෙඩි තැබීමට පෙර පලස්තීනුවන්ට ප්‍රදේශය හැර යාමට වරින් වර අවවාද කළ බවයි.

තවද උදෑසන 6 සිට සවස 6 දක්වා කාලය තුල පමණක් ආහාර ලබාගැනීම සදහා ආධාර මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඉඩ ලබා දී ඇති අතර එම ප්‍රදේශය රාත්‍රි කාලය පුරා හමුදා සීමාවක් ලෙස සලකන බව ඊශ්‍රායල් හමුදා සදහන් කරයි.

වෙඩි තැබීමෙන් ඝාතනයට පත් වු පුද්ගලයෙකුගේ බිරිදක් පවසා සිටියේ තම සැමියා සිය දරුවන් පස් දෙනාට ආහාර ලබා ගැනීම සඳහා එම ස්ථානයට ගොස් තිබූ අතර හිසට වෙඩි ප්‍රහාරයන් එල්ල වීමෙන් ඔහු මියගිය බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com