රුපියල් 5000ක අල්ලසක් ගත් උසාවි නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් 5000ක අල්ලසක් ගත් උසාවි නිලධාරියෙක් අත්අඩංගුවට
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් නඩු වාර්තාවක පිටපතක් ලබා දීමට අල්ලස් ගැනීමේ චෝදනාව මත අධිකරණ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකරුවෙක්.
ඒ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
ඉඩම් භුක්තිය සම්බන්ධව ඇති වූ ආරවුලක් පිළිබඳව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ, පැමිණිලිකරු විසින් පුද්ගලිකව පවරන ලද නඩුවකට අදාළ තීන්දුව පැමිණිලිකරුහට අවාසි ලෙස ලැබීමෙන් පසුව නැවත මහාධිකරණයේ අභියාචනය කිරීම සඳහා නීතිඥවරයාගේ උපදෙස් පරිදි ඉහත නඩුවට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා දීමට රජයේ ගාස්තුවට අමතරව අල්ලස් ලෙස රු.5,000/-ක (රුපියල් පන්දහසක) මුදලක් අයැද භාරගැනීමේ චෝදනාව අධිකරණ නිලධාරියාට එල්ල වී තිබෙනවා.
පසුගිය 05 වනදා දහවල් 12:23ට පමණ අධිකරණ සංකීර්ණය තුළ සිද්ධියට සම්බන්ධ අධිකරණ නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ