දුමින්ද යළි රක්ෂිත බන්ධනාගාරයට

දුමින්ද යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
රන් ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් පසුගිය මැයි 23 වනදා අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍යවරයා අද (05) මැගසින් බන්ධනාගරයේ සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අතර එහිදී අධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව නිකුත් කර ඇත.