2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

0
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

ඉන්දියාවේ තෙලන්ගානා හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ දිනයේ (31) පැවති 72වන ලෝක රූ රැජින අවසන් මහා තරඟයේදී 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවාය.

21 හැවිරිදි ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය සඳහා ඇයගේ විශ්වාසය, කරුණාව සහ කැපවීම සමඟ මෙම තරගාවලියේ දී කැපී පෙනුණු චරිතයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ඔපල් සුචතා චුංශ්‍රී, තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා චතුර ලෙස හැසිරවිය හැකිය. ඇය මහජන සේවයේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියි. විශේෂයෙන් පියයුරු සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීම සහ කාන්තාවන් අතර නිතිපතා පරීක්ෂාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන “ඔපල් ෆෝ හේර්” නම් ඇගේ ව්‍යාපාරය පිළිබඳව මෙම තරගයේ දී ඇය පැහැදිලි කළේය.

ඒ අනුව ලොව පුරා තරඟකාරිනියන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ දැඩි තරඟයකින් පසුව ඇයට මෙලෙස කිරුළ හිමි විය.

දෙවැනි ස්ථානයට පත්වූයේ ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරේජ් ඇඩ්මාසු තරගකාරියයි.

තෙවැනි ස්ථානයට පත්වූයේ පෝලන්තය නියෝජනය කළ මාජා ක්ලජ්ඩා වේ.

ලෝක රූ රැජින තරගයේ සිව් වැනි ස්ථානයට පත්වූයේ මාර්ටනික්‍යු රාජ්‍ය නියෝජනය කළ ඕරේලි ජෝකිම් තරගකාරියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com