රට තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්වයක්

0
රට තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්වයක්

රට තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා වසංගත තත්වයක්

රට තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවා බවත්, රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමාන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

පසුගිය සිකුරාදා දින (30) පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීද මේ පිළිබඳව අවධානය යොමු කර තිබේ.

එහිදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවය.

පවතින අධික වර්ෂාවත් ඊට එක් හේතුවක් බව මෙහිදී අනාවරණය කෙරුණි.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරෙන් පසු චිකුන්ගුන්යා රෝගීන්ද වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com