ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

0
ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින්ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසා තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ, ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවයි.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කරනවා.

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ සිදු කිරීම පසුගියදා ආරම්භ කර තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com