විදුලි බිඳ වැටීම් දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් සිදුව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසා සිටියේ එම විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවයි.
එවැනි බිද වැටීම් තිබේ නම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ (CEB Assist) ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙසද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.