ගාසා තිරයේ දැඩි ආහාර අර්බුදය මැද ආරක්ෂාවද බිඳ වැටෙයි

ගාසා තිරයේ දැඩි ආහාර අර්බුදය මැද ආරක්ෂාවද බිඳ වැටෙයි
ගාසා ජනතාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක ගාසා තිරයේ ආරක්ෂාවද බිඳ වැටි ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ගාසා තිරයේ උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටි ඇති බවයි වාර්තා වන්නේ.
අවතැන් පිරිස් වෙත ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් කොල්ලකෑම් සිදුවන බවද සඳහන්.
ජගත් සංවිධානයට අයත් ආහාර ගබඩාවක්ද ඊයේ (29) දිනයේ දී කොල්ලකෑමට ලක්වි තිබේ.
මේ අතර වෙළෙඳ සංකිර්ණයක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බවයි හමාස් සංවිධානය පවසන්නේ. ඔවුන් කොල්ලකරුවන් ලෙස හැදින්වීමට ඊශ්‍රායලය උත්සහ කරන බවටද චෝදනා එල්ල වනවා.
එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඊයේ(29) දිනයේදී සාමාන්‍ය වැසියන් 44 දෙනෙකු ඝාතනයට පත්වි තිබේ.