හෙරොයින් සමග ඇල්ලූ ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

0
හෙරොයින් සමග ඇල්ලූ ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

හෙරොයින් සමග ඇල්ලූ ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෂෙහාන් මදුෂංක රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා.

ඒ අනුව කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා විසින් එම රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

හෙරොයින් ග‍්‍රෑම් 2 මිලිග‍්‍රෑම් 350ක් සමග එම ක්‍රීඩකයා පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය සඳුදා දින (26) පන්නල පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් එසේ රැඳවුම් නියෝග ඉල්ලා සිටි අතර ජුනි 01 දක්වා පොලිසියේ ඉල්ලීම මත එම නියෝගය ලබාදී තිබූ බව සඳහන්.

සැකකරු ඉදිරිපත් කරමින් පොලිසිය කියාසිටියේ මීට පෙර අවස්ථාවකදීද සැකකරු හෙරොයින් විශාල ප‍්‍රමාණයක් මෝටර් රථයෙන් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

නිවසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවසට ගොස් පොලිසිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු සඟවා සිට ඇති අතර සැකකරුට අයත් ක‍්‍රීඩා කුසලාන පිරික්සීමේදී එසේ එම හෙරොයින් තොගය නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලාසිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බැවින් රැඳවුම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පන්නල පොලිස් නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා සැකකරු ඉදිරිපත් කරමින් එම නියෝගය ඉල්ලා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com