ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමයෙන් ඉල්ලීමක්

0
ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමයෙන් ඉල්ලීමක්

සෑම තත්ත්වයක්ම කළමනාකරණය කොට රාජ්‍ය මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා කඩිනමින් විගණකාධිපති තනතුර පිරවීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය අදාළ ව්‍යවස්ථාපිත ආයතන වෙත ඉල්ලීමක් කර තිබේ.

නව විගණකාධිපතිවරයෙක් පත්කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමයේ සභාපති එච් එම් කේ හේරත් මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල විගණනය කර එම ආයතනවලට සම්බන්ධ විගණන නිරීක්ෂණ ඇතුළත් වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයයි.

විගණකාධිපතිවරයෙකු පත්කර ගැනීමට කටයුතු කිරීමේදී උද්ගත වී ඇති තත්ත්වයක් පිළිබද අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය නව විගණකාධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

විගණන වාර්තාවල අනාවරණයන් බොහෝමයක් නිරීක්ෂණ මට්ටමින් ඉදිරිපත් කරනු ලබයි.

මෙලෙස ඉදිරිපත් කරන නිරීක්ෂණ නිර්දේශවලින් ඔබ්බට වූ නිගමනයන් දක්වා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ඒ සඳහා විගණකාධිපතිවරයා ඇතුළු සමස්ථ විගණන කාර්ය මණ්ඩලයම විද්‍යාත්මක දැනුම පදනම් වූ නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් පිරිපුන් පිරිසක් බවට පත්කළ යුතුයි.

ඒ සඳහා ගණකාධිකරණය හා විගනනය පිළිබඳ දැනුම සහිත පුද්ගලයෙක් ප්‍රමාණවත් නොවන බවයි ශ්‍රී ලංකා රජය,විගණන සේවා සංගමය පෙන්වා දෙන්නේ.

මතු කියවූ සංකල්පයන් ඉදිරියට ගෙනයාමට නම් ගණකාධිකරණය හා විගණනය පිළිබද දැනුමට එහා ගිය විද්‍යාත්මකව සිතිය හැකි නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පිරි පුද්ගලයෙකු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව වන විගණකාධිපති තනතුරට පත්කළ යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ගණකාධිකරණයට හා විගණනයට අමතරව විද්‍යා, ගණිත හා පරිගණක තාක්ෂණය සහිත උපාධිධාරියෙකුද වීම සාර්ථක විද්‍යාත්මක විගණනයක් සඳහා රුකුලක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වර්තමානය වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර එවැනි සුදුසුකම් සහිත පුද්ගලයෙකු නොමැති බව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය පෙන්වා දෙනවා.

ඉදිරියේදී රට ඩිජිටල්කරණය හරහා ඉදිරියට ගමන් කිරිමේදී රාජ්‍ය ව්‍යුහයද වෙනස් වෙන අතර ඒ අයි තාක්ෂණය පරිගණක තාක්ෂණය පිළිබඳ විද්‍යාත්මක නව තාක්ෂණික දැනුමකින් යුත් විගණකාධිපතිවරයෙකුගේ අවශ්‍යතාව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය පෙන්වා දෙනවා.

ඒ සඳහා සමස්ථ කාර්ය මණ්ඩලයම පුහුණු කළයුතු බවද එම සංගමය කියා සිටිනවා.

වර්ථමානයේ විගණකාධිපති තනතුර ව්‍යවස්ථාවෙන් පැවරි ඇති ගිණුම් යාවත්කාලීනව විගණනය කර පාර්ලිමේන්තුවේ සභාගත කරන තැනකට පමණක් පත්වීම ජාතික ජනබලවේගයේ ඉදිරි දැක්මට අනුගත නොවන බව පෙන්වා දෙන එම සංගමය සුදුසු කාර්යක්ෂම කැපකිරීම් සහිත සෘජු තිරණ ගැනීමේ හැකියාවක් ඇති විගණකාධිපතිවරයෙකු පත්කර ගැනීමේ අවශ්‍යතාවයි අවධාරණය කරන්නේ.

එවැනි සුදුසුකම් ඇති විගණකාධිපතිවරයෙකු ලෙස ජනාධිපතිවරයා, එච් කේ පී චන්දන මහතා නම් කළත්, ව්‍යවස්ථාදායක සභාව කිසිදු අධ්‍යයනයකින් තොරව ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමගින් අද වන විට විගණකාධිපති තනතුර හිස්ව වැඩබලන තනතුරක් දක්වා පවත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පටු ආකල්ප වලින් හෙබි පුද්ගලයින් තම පෞද්ගලික අභිමතාර්ථ සදහා විපක්ෂය හා එක්ව ව්‍යවස්ථා දායක සභාව හරහා සහ පාර්ලිමේන්තුව හරහා විගණකාධිපති තනතුර දේශපාලනීකරණයකර තනතුරේ ස්වාධීනත්වයට සිදු කළ අගතිය සම්බන්ධයෙන්ද දැඩි කණස්සල්ල පළ කරන බවයි සංගමය අවධාරණය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com