උපාධිධාරීන් 85දෙනෙකුට පරිපූරක පත්වීම්

0
උපාධිධාරීන් 85දෙනෙකුට පරිපූරක පත්වීම්

උපාධිධාරීන් 85දෙනෙකුට පරිපූරක පත්වීම්

මතභේදයන්ට ලක්වූ පරිපූරක අතුරු වෛද්‍ය ක්‍රමයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා තේරී පත්වූ උපාධිධාරීන්ට බදවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම අද (28) පෙරවරුවේ සිදු කෙරුණා.

ශ්‍රවණවේදී කාර්මික ශිල්පී තනතුර සදහා උපාධිධාරීන් බදවාගනු ලැබුවේ වසර 11කට පසුව වීමද මෙහි විශේෂත්වයක්.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනුයි බදවාගැනීමේ ලිපි ප්‍රධානය කෙරුණේ.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජනතා බදු මුදලින් උපාධිධාරියෙකු නිර්මාණය කළ විට ඔහුගේ අනාගතය සරු කිරීමේ වගකීමද රජයට පැවරෙන බවයි.

පරිපූරක අතුරු වෛද්‍ය පාඨමාලා සඳහා උපාධිධාරීන් 85 දෙනෙකු බදවාගැනීමේ ලිපි ප්‍රධානය කිරීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

විකිරණශිල්පී තනතුර සදහා 74 දෙනෙකුද ශ්‍රවණවේදී කාර්මික ශිල්පී තනතුර සදහා 11 දෙනෙකුද මෙලෙස බදවා ගැනුණා.

රාජ්‍ය පෞද්ගලික දෙඅංශයට මෙන්ම ජාත්‍යන්තරයටද වෘත්තිකයන් යැවීම පිළිබද සාකච්ඡා කරමින් සැලසුම් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙරට සමස්ත සෞඛ්‍ය වෘත්තිකයන් සියලු දෙනාමට අවශ්‍යකරන නවීන දැනුම තාක්ෂණය, පුහුණුව ලබාදීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com