සහකාර ආගමන විගමන පාලකවරයෙකු CID අත්අඩංගුවට

0
බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට මෙය සටහන් වන්නේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය ලෙසයි. ඒ මීට පෙර ඔක්තෝබර් මාසයේ පැවති ඩොලර් 4,381.52 සීමාව ඉක්මවා යමින්. අමෙරිකානු ෆෙඩරල් බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරනු ඇතැයි පවතින විශ්වාසය සහ අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ. පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ ලොව පුරා ආයෝජකයින් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම මෙම මිල ඉහළ යාමට තවත් හේතුවක් වනවා.

බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඇඟිලි සලකුණු නොමැතිව කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සකස්කර දී ඇත්තේ අත්අඩංගුවට ගත් අදාල නිලධාරියා බවට සැක කෙරෙන බවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ඡායාරූපය Whatsapp මගින් ලබා ගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා 2014 වර්ෂයේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 දී විදෙස් ගතව ඇති අතර, පසුගිය වසරේ දී එය කල් ඉකුත් වී තිබේ.

මීට අමතරව කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපය ඇතුලත් කර වෙනත් නම් දෙකකින් මේ වසරේ දී ව්‍යාජ ලෙස තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක්ද ලබාගෙන ඇති බවට දැනට සිදුකල විමර්ශනවල දී අනාවරණවී ඇති ඇතැයි පොලීසිය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com