දිළිඳු පවුල් 110 කට නව නිවාස

දිළිඳු පවුල් 110ක් සඳහා නව නිවාස
බදුල්ල දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් 110ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය රිදීමාලියද්ද ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තියට සමගාමීව සැමට නිවහනක් වැඩසටහන නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ බදුල්ල රිදීමාලියද්ද හා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස ඉදිකිරීම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මහියංගනය ඇලෑවල හා මාපාකඩවැව නිවාස දෙකකට සහ රිදීමාලියද්ද ඌව ගැමුණුපුර හා ඉකිරියගොඩ ප්‍රදේශවල පළමු අදියර යටතේ නිවාස ඉදිකෙරෙනු ඇත.