උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් දින දීර්ඝ කෙරේ
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්
2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙයි.
අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
එම අයදුම්පත් කැඳවීම ලබන 28 වනදා සිට 30 වනදා දක්වා මාර්ගගතව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.




