ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රොඩ්නි ගිබ්ස් පත්කර ඇත.
(26) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර ඇති අතර ඔහු ආසියානු රග්බි ශූරතාවලිය අවසන් වනතෙක් සිය ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන රොඩ්නි ගිබ්ස්, නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත්සමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලිය ජූනි මස ආරම්භවීමට නියමිතව ඇත.
2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද මෙය පැවැත්වෙන අතර, ඒ අනුව මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ඒ සඳහා ඍජුව සුදුසුකම් ලැබීමට අවස්ථාව ඇත.
එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමට ජූලි මස පැවැත්වෙන අප්‍රිකානු කලාපීය තරගාවලියේ අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායම සමගින් යළි තරග වැදී ලෝක කුසාලන වරම් හිමිකරගැනීමේ අවස්ථාවක් ඉතිරිව ඇත.
ජපානය දැනටමත් 2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා සිටියි.