මහ බැංකුව පොලී අනුපාතිකය අඩු කෙරේ

0
මහ බැංකුව පොලී අනුපාතිකය අඩු කරයි

මහ බැංකුව පොලී අනුපාතිකය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමා තිබෙනවා.

ඒ ඊයේ දින (21) පැවති රැස්වීමේ දීයි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින පොලී අනුපාතිකය 7.75% කට පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අවම උද්ධමන බලපෑම් මධ්‍යයේ උද්ධමනය 5% ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහය වනු ඇති ඇති බවටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාසය පළ කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com