බ්‍රිතාන්‍යය ගාසා ප්‍රහාරවලට විරෝධය පාමින් ඊශ්‍රායලයේ වෙළෙඳ සාකච්ඡා අත්හිටුවයි

0
බ්‍රිතාන්‍යය ගාසා ප්‍රහාරවලට විරෝධය පාමින් ඊශ්‍රායලයේ වෙළෙඳ සාකච්ඡා අත්හිටුවයි

බ්‍රිතාන්‍යය ගාසා ප්‍රහාරවලට විරෝධය පාමින් ඊශ්‍රායලයේ වෙළෙඳ සාකච්ඡා අත්හිටුවයි

ගාසා තීරයේ ගුවන් ප්‍රහාර මුල් කරමින් ඊශ්‍රායලය සමඟ නිදහස් වෙළෙඳ සාකච්ඡා අත්හිටුවීමට බ්‍රිතාන්‍යය රජය තීරණය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ගාසා හි සිදු කරන ව්‍යවසනකාරී ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය සමඟ ඇති වෙළෙඳ ගිවිසුම් යළි සමාලෝචනය කිරීමට යුරෝපා සංගමයේ ඡන්ද විමසුමකදී අනුමත වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාවේ ගුවන් ප්‍රහාර මැද සිය ගණනාවක පලස්තීනුවන් ජීවිතක්ෂයට පත්වීම සැලකිල්ලට ගෙන ඊශ්‍රායලය සමඟ නව වෙළෙඳ ගනුදෙනු සම්බන්ධව සිදු කරමින් පවතින සාකච්ඡා අත්හිටුවන බවද බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් එරට විදේශ ලේකම් ඩේවිඩ් ලැමි ප්‍රකාශ කර ඇත්තේ හමුදාව අත්කරගත් බටහිර ඉවුරේ ඊශ්‍රායල ජාතිකයන් අනවසරයෙන් පදිංචි කරවීමට එරෙහිව සම්බාධක පැනවීමටද කටයුතු කරන බවය. ගාසා ගුවන් ප්‍රහාර සම්බන්ධව කරුණු විමසීමට බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල තානාපතිවරයා විදේශ අමාත්‍යාංශයට කැඳවූ බවත් ඩේවිඩ් ලැමී සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com