අධිවේගී මාර්ගවල ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවීමේ පහසුකම්

0
අධිවේගී මාර්ගවල ගාස්තුව බැංකු කාඩ් පත්වලින් ගෙවීමේ පහසුකම්

අධිවේගී මාර්ගවල ගාස්තුව බැංකු කාඩ් පත්වලින් ගෙවීමේ පහසුකම්

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අද දින (21) සිට පහසුකම් සැලසා තිබේ.

වරාය ගුවන්සේවා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ හා මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල හා මීරිගම අතර කොටසේ ඒ අනුව කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි බවයි.

අන්තර් හුවමාරු 35ක හා පිටවීම් ගේට්ටු 119කදී ඒ සඳහා පහසුකම් සලසා තිබේ. නව වැඩපිළිවෙළ පිළිබඳ නිලධාරීන්ට පුහුණුවක් ලබා දී ඇති බවද අමාත්‍ත්‍යාංශය ප්‍රකාශ කළේය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිලිවෙල තුළින් අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමේදි සිදුවන මාර්ග තදබදය අවම වී ගෙවීම් කිරිමට ගතවන කාලයද ඉතිරිවන බව වරාය, ගුවන්සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com