කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්; පුතාට අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නියෝග

0
කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්; පුතාට අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබදෙන ලෙසට නියෝගයක්

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්; පුතාට අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබදෙන ලෙසට නියෝගයක්

ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජුනි මස 3වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (20)නියෝග කළාය.

සැකකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණය හමුවේ පවරා තිබු නඩු තුනකට අදාළව සැකකරු එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරුණි.

සැකකරුට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයේ නියම විය.

මෙම සිද්ධීන්ට අදාළව දෙවන සැකකරු වශයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්කැල්ල නම් කෙරුණු අතර ඔහුට හෙට (21) දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබදෙන ලෙසටද නියෝග කළාය.

මීට අමතරව සැකකාර අමාත්‍යවරයාගේ හිටපු මහජන සම්බන්ධීකරණ නිලධාරී වන බස්නායක නමැත්තකුටද අල්ලස් කොමිසමේ හමුවේ ප්‍රකාශ ලබා දීමට දැනුම් දී තිබුණත් මේ වන තෙක් අල්ලස් කොමිසමට පැමිණ නොමැති බව අල්ලස් කොමිස අධිකරණයට දැන්වීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com