ගාසා තීරයේ දරුවන් ඇතුලු දහස් ගණනක් කුස ගින්නෙන් පීඩාවට
 
                ගාසා තීරයේ දරුවන් ඇතුලු දහස් ගණනක් කුස ගින්නෙන් පීඩාවට
ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් දරුවන් ඇතුලු දහස් ගණනක් කුස ගින්නේ පීඩාවට පත්ව සිටිනවා.
ඊශ්‍රායලය සිය යුධමය ක්‍රියාමාර්ගය වේගවත් කිරීම හේතුවෙන් ආහාර,වෛද්‍ය සැයපුම් සහ අනෙකුත් ආධාර ලබාදීම සති 10කට වැඩි කාලයක් සම්පුර්ණයෙන් අවහිර වී තිබෙනවා.
ගාසා තීරයේ අවතැන් කඳවුරුවල ජිවත්වන දරුවන් සහ වැඩිහිටියන් ආහාර මෙන්ම ජලය නොමැතිකම හේතුවෙන් හඩා වැළපෙමින් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවද වාර්තා වේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        