ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 143 දෙනෙකු ජීවිතක්ෂයට

0
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 143කු ජීවිතක්ෂයට

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 143කු ජීවිතක්ෂයට

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 143 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊශ්‍රායල ඊයේ (15) දිනයේ පමණක් එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙනුයි මෙම සාමාන්‍ය වැසියන් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මියගිය පුද්ගලයින් 143 දෙනා අතරට කුඩා දරුවන් 13 දෙනෙකුද ඇතුළත්.

සෞඛ්‍ය මධ්‍යස්ථාන හා රෝහල් ඉලක්ක කර ගනමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකළ බවට සහන කණ්ඩායම් චෝදනා කරන අතර ජබාලියා සරණාගත කදවුරේ සෞඛ්‍ය මධ්‍යස්ථානද සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

1948 වසරේදී ඊශ්‍රායලය ස්ථාපිත කිරීමේදී සිදු කෙරුණු පලස්තීන වාර්ගික සංහාරය සැමරීමේ 77වන නක්බා දිනය ඊයේ (15) දිනයට යෙදී ඇති අතර ඒ අතරතුරයි ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ලකර ඇත්තේ.
දෙපාර්ශ්වය අතර ගැටුම් හට ගත් දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 61700 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඝාතනයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහසකට ආසන්නයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com