රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව
එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී.දිසානායක මහතා පවසනවා.
මෙලෙස ජනාධිපති සමාව හිමිවන රැඳවියන් අතරට කාන්තා රැඳවියන් සිව්දෙනෙක්ද සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.
මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ අවස්ථාව සලසා දෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා සිටියේ.




