බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

0
බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (09) උදෑසන අනතුරට ලක්වීම පිළිබඳව වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා 9 දෙනෙකුගෙන් යුතු විශේෂ පරීක්ෂණ කමිටුවක් ගුවන් හමුදාපතිවරයා විසින් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් එරන්ද ගීගනයේ මහතා පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (09) උදෑසන කඩාවැටී තිබුණි.
එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හෙලිකොප්ටර් යානය ඊයේ (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 12ක් දෙනෙකු ගුවන් යානයේ ගමන් කර තිබිණ.

අනතුර සිදුවීමත් සමගින් ඔවුන් සියළු දෙනාම මුදා ගැනීමෙන් පසුව මුලික ප්‍රතිකාර සදහා අරනගන්විල රෝහලට ඇතුළු කර තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සිදු කිරීම සදහා පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.

එහිදි හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරවන් දෙදෙනා සහ යුධ හමුදා වි‍ශේෂ බලකා සෙබලුන් හතර දෙනකු ඇතුලුව 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com