පාකිස්ථානය දෙවැනි මිසයිල අත්හදා බැලීමත් සිදුකරයි

0
පාකිස්ථානය දෙවැනි මිසයිල අත්හදා බැලීමත් සිදුකරයි

පාකිස්ථානය දෙවැනි මිසයිල අත්හදා බැලීමත් සිදුකරයි

අප්‍රේල් 22වැනිදා කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සමග උදගත වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුධය මධ්‍යයේ පාකිස්ථානය යළිත් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදු කර ඇත.

දින 03ක් ඇතුළත පාකිස්ථානය සිදුකළ දෙවැනි මිසයිල අත්හදා බැලීම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිසයිල දියත් කිරීම ඉන්දියාවට එරෙහිව පකිස්ථානයේ ප්‍රකෝප කිරීමක් ලෙස සැලකේ. පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රතිවාදී අසල්වැසියන් දෙදෙනා අතර ආතතීන් ඉහළ ගොස් තිබේ.

මෙම ආතතිමය තත්වය හමුවේ ලෝක බලවතුන් මෙන්ම අන්තර්ජාතික සංවිධානද ගැටුමකට අවතීර්ණ වීමෙන් වැළකී අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ඉල්ලීම් කරනු ලැබේ.

දරුණු මූල්‍ය අර්බුධයකට ලක්ව සිටින පාකිස්ථානයේ ආර්ථිකය මෙම තත්ත්වය හමුවේ තවදුරටත් පසුබෑමකට ලක්වනු ඇතැයි අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයක් වන මූඩිස් අනතුරු අඟවා තිබුණි.

මේ අතර ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් පාකිස්ථානයෙන් එල්ලවිය හැකි ප්‍රහාරයක් සඳහා පූර්ව සූදානම් අභ්‍යාස සිදු කෙරෙන බව පැවසුන ද එම ප්‍රාන්ත මොනවාදැයි නිශ්චිතව වාර්තා නොවේ.

කෙසේවෙතත් මෙම අභ්‍යාසවලට සමගාමීව ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන්, ජනතාව ඉවත් කිරීමේ සැලසුම් සහ කිසියම් ප්‍රහාරයක් සිදුවුවහොත් ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයන් පුහුණු කිරීම ඇතුළත් වන බව වාර්තා වේ.

පහල්ගම් ප්‍රහාරය සඳහා පාකිස්ථානය සම්බන්ධ බවට ඉන්දියාව චෝදනා කළද පාකිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එහෙත් පාකිස්ථානය පවසන්නේ, ඉන්දියාව හමුදා ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට එරෙහිව ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com