චිකන් ගුන්යා, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සීඝ්‍රයෙන් ඉහළට

චිකන් ගුන්යා, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළට
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි
වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ.
ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා රෝගය ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවත් වෛද්‍යවරයා පවසනවා.
මෙහි මූලික ලක්ෂණ ලෙස තද උණ සමග හන්දි පත් රුදාව, සම කලු විම, කුෂ්ඨ ඇතිවීම පවතින බව සඳහන්.
මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්ථා වීමද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
කැස්ස උණ සහ සෙම්ප්‍රතික්ෂාව තිබේනම් මුඛ ආවරණ පලඳින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම රෝග තුනේම රෝග ලක්ෂණ එක හා සමාන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
එම නිසා රුධිර පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් රෝග හදුනාගැනීමට සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මෙම රෝග තුනෙන් එකකට හෝ භාජනය වී ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළා.