ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්

0
ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්

ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්

මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බවයි.

ලොව පුරා නව යෞවන වියේ පසුවන තරුණ පිරිස් අතර ඇදුම රෝගය බහුලව පවතින බව ඇය පෙන්වා දෙනවා.

එළැඹෙන 6 වනදාට යෙදෙන ලෝක ඇදුම දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය මේ බව සඳහන් කළා.

“ඉන්හේලර් ” ප්‍රතිකාරය මගින් අතුරු ආබාධවලින් තොරව ඇදුම රෝගය ඉතා හොඳින් සුවපත් කර ගැනීමේ හැකියාව පවතින බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු මහත්මිය මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සමන්මලී මහත්මිය පැවසුවේ ඇදුම රෝගය පැවතිය ද එය හදුනා නොගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com