නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙක්

0
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්

නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්

නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය, මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, කොළඹට කැඳවා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com