රුපියල් 6,000ක මුදලක් අල්ලස් ගත් PHI අත්අඩංගුවට

රුපියල් 6,000ක මුදලක් අල්ලස් ගත් PHI අත්අඩංගුවට
රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කරදියනාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අද (29) පෙ.ව.10.49ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී සැකකරු විසින් මුදල් ලබාගත් අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර, ඉදිකිරීම වරදක් බවට පවසා නීති මඟින් කටයුතු කළහොත් රු.50,000ක දඩයක් නියම වන බවට සැකකරු විසින් පැමිණිලිකාරියට පවසා තිබෙනවා.
එමෙන්ම සැකකරු පවසා ඇත්තේ එවැනි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන, ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින්ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000ක මුදලක් අවශ්‍ය බවයි.
ඉන්පසුව එකී මුදලින් රු.5,000ක් මුදලක් සැකකරු විසින් මුලින් ලබාගෙන තිබෙනවා.
පසුව සැකකරු අද දින (29) පැමිණිලිකාරියගේ නිවසට පැමිණ ඇත්තේ අල්ලස් ලෙස ඉල්ලු ඉතිරි මුදලින් තවත් 6,000ක මුදලක් ලබාගැනීමටයි.
අත්අඩංගුවට ගත් සැකකරු එරාවුර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.