ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළට

0
ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී - එරට අධිකරණයක් තීන්දු කරයි

ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී - එරට අධිකරණයක් තීන්දු කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ වන විට 43%ක් දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතරම් පහළ අගයකට ඔහුගේ ජනප්‍රියත්වය ඇද වැටුනු පළමු අවස්ථාවද මෙය වනවා.

තීරු බදු පැනවීම ප්‍රමාණය ඉක්මවා යමින් සිදු කිරීම ජනප්‍රියත්වය පහළ වැටීමට ප්‍රධානම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයේ ඉහළම අගය 49%ක් ලෙස 2017 වසරේ ජනවාරි මාසයේදී සටහන් වූ අතර 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එහි අවම අ‍ගය වන සියයට 33 සටහන් වූවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com