මහ පාරේ රේස් ගිය කාර් රථ 2ක් පොලිස් භාරයට

0
මහ පාරේ රේස් ගිය කාර් 2 පොලිස් භාරයට

මහ පාරේ රේස් ගිය කාර් 2 පොලිස් භාරයට

හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කරන ලද කාර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 13 වනදා හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත දෙස සිට මාකුඹුර දෙසට මෙම කාර් රථ 2ක අධික වේගයෙන් ධාවනය කර තිබූ අතර ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය විය.

පොලීසිය පැවසුවේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කළ බවය.

ඒ අනුව එලෙස සිද්ධියට සම්බන්ධ කාර් රථ දෙක ඊයේ දිනයේදි (25) පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියට අදාළව කාර් රථ පදවන ලද රියදුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com