රු.1,15,50,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

0
රු.1,15,50,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, කටුනායක ගුවන් තොටුපොළ ”හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (23)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංච් 25 හැවිරිදි පෙදරේරුවරයෙකි. අනෙක් ගුවන් මගියා කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් අද(23) අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ ”ප්ලැටිනම්” සහ ”මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 77,000ක් අඩංගු දුම්වැටි කාටූන් 385 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com