‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස ආධාරය මිලියනය දක්වා ඉහළට

0
‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස ආධාරය මිලියනය දක්වා ඉහළට

‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස ආධාරය මිලියනය දක්වා ඉහළට

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම හෝ වැඩිදියුණු කිරීම පිණිස ආධාර මුදලක් පිරිනැමීම සිදුකරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000ක ආධාර මුදලක් ලබා දෙයි.

නිවස සඳහා වැය වන ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතුයි.

මෙම වැඩසටහන ආරම්භයේ දී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000ක් වූ නමුත්, මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000ක් දක්වා වැඩි වී තිබෙනවා.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com