ඉරානයෙන් බොරතෙල් මිලදී ගත් චීන සමාගම්වලටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉරානයෙන් බොරතෙල් මිලදී ගත් චීන සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
ඉරානය සමඟ ව්‍යාපාර කටයුතුවල නිරතවූ බවට චෝදනා කරමින් අමෙරිකාව චීන තෙල් පිරිපහදු සහ නැව් සමාගම් සඳහා සම්බාධක පනවා ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
ඉරානයේ බලශක්ති ආර්ථිකයට උපරිම පීඩනය දැමීමේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය යටතේ ධවල මන්දිරය එම තීරණය ගෙන ඇතැයිද සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය සඳහන් කර ඇත්තේ එම චීන සමාගම් ඩොලර් බිලියනයකට වැඩි වටිනාකමකින් යුතු බොරතෙල් ඉරානයෙන් මිලදී ගෙන ඇති බවය.
ඉරාන බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධව සති කිහිපයක් ඇතුළත චීන තෙල් පිරිපහදු සහ නැව් සමාගම්වලට අමෙරිකාව සම්බාධක පනවනු ලැබූ දෙවැනි අවස්ථාව මෙය බවත් සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය සඳහන් කරයි.
ඉරාන බොරතෙල් අපනයනය ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය හමුදාව විසින් පාලනය කරනු ලබන අතර, එම හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස අමෙරිකාව විසින් ලේබල්ගත කර තිබේ.