ජාතික ඔලිම්පික් කමිටුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ඉල්ලීමක්

0
ජාතික ඔලිම්පික් කමිටුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ඉල්ලීමක්

ජාතික ඔලිම්පික් කමිටුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ඉල්ලීමක්

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සහ නිලධාරී මණ්ඩලය වහාම ඉවත්කර ව්‍යාවස්ථාවට අනුව නව නිලධාරී මණ්ඩලයක් පත්කරන ලෙස ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරුන්, ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි කටයුුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අති විශේෂ මහසභා රැස්වීමක් ඊයේ (17) පැවැත්වූ අතර එම හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ජාතික ක්‍රීඩා සංගම් සභාපතිවරුන් මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අරමුදල් අත්හිටුවීම ඇතුළුව ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අතිවිශේෂ මහා සභා රැස්වීමක් ඔලිම්පික් නිවහනේදී ඊයේ දින(17) මෙලෙස කැඳවා තිබුණා.

විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මෙම විශේෂ මහා සභා රැස්වීම ආරම්භ වුයේ පස්වරු 5.30ට පමණයි.

සමාජික සංගම් 27කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණු රැස්වීම පැය පහකට ආසන්න කාලයක් පැවැත්වුණු අතර, රාත්‍රී 9ට පමණ හදිසියේ රැස්වීම නවතා දැමීමට ඔලිම්පික් කමිටු සභාපතිවරයා කටයුතු කළ බවද වාර්තා වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com