මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

0
මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව නඩු පැවරූ අපේක්ෂකයන්ට නඩු වාර්තාවල පිටපත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසයි.

ඊයෙ දිනයේ (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු නිකුත් කළ නිවේදනය පහතින්,

“පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාරදෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල සහ නඩු තීන්දුවල පිටපත් අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු/ බලයලත් නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් වෙතින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com