ජනගහනය අඩු වීමට හේතු

0
ජනගහනය අඩු වීමට හේතුව

ජනගහනය අඩු වීමට හේතුව

උපත් අඩුවීම, මරණ වැඩිවීම සහ ශ්‍රී ලාංකිකයන්ට ලංකාවෙන් පිටට සංක්‍රමණය වීම නිසා ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩුවෙමින් පවතින බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. සෙනෙවිරත්න මහත්මිය පවසනවා.

රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ඇය කියා සිටියේ, අරගලයෙන් පසු විශාල පිරිසක් මෙරට හැර ගොස් ඇති බවයි.

නවතම ජන සංගණනයට අනුව ජනගහනය අඩු වීමට හේතු පැහැදිලි කරමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ සෙනෙවිරත්න මහත්මිය:

“අපේ රටේ උපත් ගැන සැලකුවොත් වසර දහයක පමණ කාලයක සිට උපත් සංඛ්‍යාවේ අඩුවීමක් අපට පේනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙනෙනවා. ඒ වගේම, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලල රැකියාව සඳහා, පදිංචිය සඳහා පුද්ගලයන් පිටත් වීමේ සංඛ්‍යාවේත් වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ අනුව අපේ ජනගහනයේ අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව තමයි පසුගිය සංගණනයේ සිට මෙම සංගණනය දක්වා වාර්ෂික වර්ධන වේගය අනෙක් සියලුම සංගණනවලදී වාර්තා වූ වර්ධන වේගයට වඩා අඩු තත්වයක් පෙන්නුම් වෙන්නේ. අපි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍ය වාර්ෂික ජනගහනය නිකුත් කරනවා. එහිදී උපත්, මරණ සහ සංක්‍රමණය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙනවා. අපට පෙනෙනවා 2022 වගේ වර්ෂවලදී රටෙන් බැහැර වූ ප්‍රමාණවලට වඩා අඩු සංඛ්‍යාවක් තමයි පසු වර්ෂවලදී බැහැරවෙලා තිබෙන්නේ කියලා. 2022 වර්ෂයේදී දෙලක්ෂය ඉක්මවා රට හැර ගියා. මධ්‍ය වාර්ෂික ජනගහනය සකස් කරන්නේ ඕනෑ වර්ෂයක ජුනි 30 වැනිදාට. 2022 සිට 2023 ජුනි දක්වා 222,000ක පමණ පිරිසක් රට හැර ගියා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com