ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක්

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.
මැයි මස මුල් කාලය තුළ, අදාළ කටයුතු වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීමට නියමිතයි.