වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්

0
වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවයි.

කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, පිළිකා රෝගය මර්දනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමට සාධනීය විශේෂ වැඩසටහන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි.

රජය මගින් සිදුකළ යුතු එවැනි ව්‍යාපෘති පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව සිදු කිරීම හේතුවෙන් රජයේ බර තරමක් අඩුවන බවද අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com