බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

0
බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් සිය අවශ්‍යතා සපුරා ගැනීම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම තීරණය ගෙන ඇත.

ඊට අමතරව මගී සේවා අවසර පත්‍රයේ සඳහන් මාර්ගයේ බස් රථය, අඛණ්ඩව ධාවනය කරලීම අනිවාර්යයි.

රියදුරුගේ සේවා කාලය, පැය 14 ඉක්මවන සෑම අවස්ථාවකම වෙනත් රියදුරෙකු ආදේශ කළ යුතු බව ද, ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එමෙන්ම, අවුරුදු කාලසීමාවේ මගී ප්‍රවාහන බස් රථ, විශේෂ චාරිකා සඳහා යෙදවීමද, තහනම් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com