මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ඉන්දීය අගමැති විසින් විවෘත කෙරේ

මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ඉන්දීය අගමැති විවෘත කරයි
මහව – ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද දින (06) සිදු කෙරුණා.
සමරු ඵලකය නිරාවරණය කර දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය විවෘත කිරීම සහ දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීමද ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 91.27ක්.
එමෙන්ම ඇ.ඩො.මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව – අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය මාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වුණා.