කෝටි 06ක කොකේන් සමඟ ඉන්දීය තරුණියක් අත්අඩංගුවට

0
කෝටි 06ක කොකේන් සමඟ ඉන්දීය තරුණියක් අත්අඩංගුවට

කෝටි 06ක කොකේන් සමඟ ඉන්දීය තරුණියක් අත්අඩංගුවට

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි සූපවේදිනියකි.

ඇය මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඇය අද දින (06) අලුයම 02.14ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ අතර, ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක, පොලිතින් ඇසුරුම් තුළ ඔතා, මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 644ක් සගවා ගෙන තිබුණි.

අත් අඩංගුවට ගත් මෙම කාන්තාව සිදු කළ අනාවරණයක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සදහා සූදානම්න් සිටි මෙරට අයිතිකරු, ඇයට නවාතැන් ගැනීම සදහා සූදානම් කර තිබූ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැදී සිටියදී අද (06) දින පස්වරු 01.30ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංච් 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා, රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරිමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com